
මාලදිවයිනේ සිදුවන සිවිල් කැරලි සහ නොසන්සුන්තාව හේතුවෙන් එරටට සංචාරය කරන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
SmartTraveller නම් ගමන් ආරක්ෂාව පිළිබඳ නිල වෙබ් අඩවිය මඟින් නිකුත් කළ උපදෙස් වලට අනුව දැනට රට තුල රැදී සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විරෝධතා සිදුවන ප්‍රදේශ වලින් ඉවත් වීමට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.
මින් පෙරද විදෙස් සංචාරකයින්ට විරුද්ධව සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර කිහිපයක් මාලදිවයිනෙන් වාර්තා වී ඇති අතර ඔස්ට්‍රේලියානු පුරවැසියෙකුද ප්‍රහාරයකින් තුවාල ලැබුවා.

වසරකට ඔස්ට්‍රේලියානුවන් 35000 ක් පමණ මාලදිවයිනේ සංචාරය කරන නිසා මෙම අනතුරු ඇඟවීම පිලිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස SmartTraveller ඉල්ලා සිටියා.
ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ මාලදිවයිනේ හෝටල් සහිත දූපත් සාමකාමී සහ ආරක්ෂිත ලෙස සැලකෙන නමුත් ප්‍රාදේශීය ජනාවාස සහ හෝටල් නොමැති දූපත් වල රැදී සිටීම අනතුරු දායක බවයි.

එම නිසා කිසියම් ගැටලුවක් ඇතිවුවහොත් වහාම නීතී හා ආරක්ෂක සහය ලබාගන්නා ලෙස ඔවුන් සංචාරකයින් දැනුවත්කර සිටියා.