
ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවරයෙකු වන රොබට් පෙතර් අවුරුදු හතරකට වැඩි කාලයක් ඉරාකයේ සිරගතව සිටිමෙන් පසු ඇප මත නිදහස් වී තිබෙනවා.
වංචා කිරීමේ චෝදනාවට ලක් වූ ඔහුට වසර පහක සිර දඬුවමකට සහ ඩොලර් මිලියන 16 ක දඩයක් නියම කෙරුනා.
ඉරාකයේ නව මහ බැංකු මූලස්ථානයක් ඉදිකිරීමට අදාළ ප්‍රමාදයන් සහ අයවැය ප්‍රමාදයන් සම්බන්ධයෙන් ඔහුට චෝදනා ගොනු වූ අතර එම චෝදනා ඔහු සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඔස්ට්‍රේලියා විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් මෙම නඩුව ඉරාක බලධාරීන් වෙත 200 වතාවකට වඩා යොමු කර ඇති බවද ඔහු සදහන් කර සිටියා.
තවද ඔහු සිරගතව සිටියදී වධහිංසා වලටද ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශකර තිබෙනවා.

මේ නිසා ඔහුගේ පවුලේ සාමාජිකයින් වසර ගණනාවක් පුරා පීඩාවට ලක්ව ඇති බව සදහන් කල විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ඔස්ට්‍රේලියා රජය ඔහු වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටින බවයි.