
කටුනායක සිට සිංගප්පූරුව බලා පිටත්වූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන් තොටුපොළ වෙත හදිසියේ ගොඩ බස්වා තිබෙනවා.
ඉන්දුනීසියානු තාක්ෂණික කණ්ඩායමක් විසින් එම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ දෝෂය නිවැරදි කිරීම සඳහා කාලයක් ගතවෙන බවට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ගුවන් මගීන් හෝටල් කාමර තුළ රැඳවීමට ඉන්දුනීසියානු බලධාරීන් අවස්ථාව ලබා නොදීම නිසා එරට ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මැදිහත්වීමෙන් අදාළ ගැටලුව විසඳා ගත් බවයි සදහන් වන්නේ.

ඒ අනුව යානයේ සිටි ගුවන් මගීන් හෝටල් කාමර වෙත යොමු කිරීමට කාර්යමණ්ඩලය තීරණය කර තිබෙනවා.
දෝෂයට ලක්වූ ගුවන් යානයේ මගීන් යළි ගෙන්වා ගැනීම සඳහා අද දහවල් වන විට තවත් ගුවන් යානයක් පිටත්ව යෑමට නියමිතයි.
