Search

පිලිපීනයෙන් බඳින ශ්‍රී ලාංකිකයන්ගේ Temporary Visa දික් කෙරේ

පිලිපීන පුරවැසියන් සමඟ විවාහ වී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වසර 5ක තාවකාලික පදිංචි වීසා (TRV) නිකුත් කිරීම පිලිපීන රජය නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

මීට පෙර  TRV නිකුත් කරන ලද්දේ වසර දෙකක් සඳහා පමණක් වු නිසා නිතර අලුත් කිරීම් අවශ්‍ය වුනා.

මෙම ක්‍රියාවලිය බලධාරීන් විසින් විදේශ ගමන් බලපත්‍ර දිගු කාලයක් රඳවා තබා ගැනීමට හේතු වූ අතර ව්‍යාපාරික සහ අනෙකුත් හදිසි කාරණා සඳහා ගමන් කිරීමට අවශ්‍ය පුද්ගලයින් ඉන් අපහසුතාවට පත්වී සිටියා.

එම ගැටළුවලට ප්‍රතිචාර වශයෙන්, තානාපති චානක තල්පහේවා මේ සම්බන්ධයෙන් උප ජනාධිපති, විදේශ ලේකම් ඇතුලු පිලිපීනයේ ප්‍රධාන කොටස්කරුවන් සමඟ ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නවල නිරත වුනා.

එහි ප්‍රතිඵලයක් ලෙස පිලිපීන රජය TRV වලංගු කාලය වසර දෙකේ සිට වසර පහක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

මෙම තීරණය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි මත පළ වෙනවා.

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »