Search

ඔස්ට්‍රේලියාවේ නව පරිසර ගැටලුවක්

 

ඔස්ට්‍රේලියාවේ උද්‍යානයක කැණීමකදී සොයාගත්  ෂේඩ් ක්ලෝත් [shade cloth] මගින් දැඩි පරසර ගැටලුවක් අනාවරණය වී තිබෙනවා.

කාන්තාවකගේ උද්‍යානයක කැණීමකදී ප්ලාස්ටික් shade cloth එකක් දැකගත හැකිවු අතර එහි ඡායාරූප කිහිපයක් ඇය සමාජ ජාලාවල පළ කළා.

ඔස්ට්‍රේලියාවේ උද්‍යානවල පවතින බරපතල පරිසර ගැටළුවක් ඉන් අනාවරණය කර ගැනීමට හැකිවී තිබෙනවා.

පැරණි උද්‍යානවල වසර ගණනාවක් භාවිතා කරන ලද shade cloth සහ weed mats කාලයත් සමඟ ක්ෂුද්‍ර ප්ලාස්ටික් [micoplastics] ලෙස හැඳින්වෙන කුඩා කැබලිවලට කැඩී යනවා.

එම කැබලිවලට පොළවේ සිටින පණුවන් මරා දමා ශාක මගින් අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් පවතින බවයි පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ.

ඒ්වා ආහාර මගින් මිනිස් මිනිස් සිරුරට ඇතුළු විය හැකි අතර මොළය, පිරිමි ලිංගික අවයව සහ මව්කිරි වලින් ද මේ වනවිට සොයාගෙන තිබෙනවා.

මැක්වරි [Macquarie] විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය ස්කොට් විල්සන් [Scott Wilson] පවසන්නේ ප්ලාස්ටික්වලට අමතරව එමඟින් මුදා හැරෙන රසායනික මිශ්‍රණ (chemical cocktail) පරිසරයට වඩාත්ම අහිතකර විය හැකි බවයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »