
මෝටර් රථ 3000ක් පමණ රැගත් භාණ්ඩ නෞකාවක් පැසිෆික් සාගරයේ දී ගිනිගෙන තිබෙනවා.
මෝර්නිං මිඩාස් [Morning Midas] නම් මෙම නෞකාව චීනයේ සිට මෙක්සිකෝවට ගමන් කරමින් සිටියදී, ඇලස්කා වෙරළේ සිට 450km ක් දුරකදී ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
නෞකාව තුළ මෝටර් රථ 3000කට ආසන්න ප්‍රමාණයක් තිබූ අතර ඉන් 800ක් විදුලි වාහන [electric vehicles] වනවා.

ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක අංශය [Coast Guard] දැනුවත් කිරීමෙන් පසු 22 දෙනෙකුගෙන් යුතු නෞකා කාර්ය මණ්ඩලය බේරාගෙන තිබෙනවා.
ගින්න පාලනය කිරීමට අපහසුවීම හේතුවෙන් නෞකාව අත්හැර දැමීමටයි පසුව තීරණය කර ඇත්තේ.
