
මෙල්බන්හි දකුණු යාරා [South Yarra] ප්‍රදේශයේ වෙළඳසැලකින් මිල අධික ඇඳුම් මංකොල්ලයක් පිළිබඳ තොරතුරු හෙළිවී තිබෙනවා.
සොරකම් කරන ලද ඇඳුම්වල වටිනාකම ඩොලර් [$] 100,000 කට අධික බවයි වාර්තා වන්නේ.
මිටියක් භාවිතා කර ඉදිරි දොර කඩා අළෙවිසැලට ඇතුල් වී ඇති සැකකරු කෑෂ්මීර් කෝට් සහ ලින්ඩා බ්ලේසර් [cashmere coats and Linda blazers] වැනි අධික මිල ගණන් යටතේ අලෙවි වන කාන්තා ඇඳුම් තොගයක් සොරකම් කර තිබෙනවා.

පසුව ඒ්වා මෝටර් රථයක පටවාගෙන පළාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු මෙරි-බෙක් සහ ෆෝක්නර් [Merri-bek and Fawkner] ප්‍රදේශවල වෙළඳසැල් කිහිපයක සිදුවු සොරකම්වලට සම්බන්ධ බවට ද චෝදනා එල්ල වනවා.

පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර තොරතුරු ඇත්නම් Crime Stoppers 1800 333 000 අංකයට අමතන ලෙසයි දැනුම් දී ඇත්තේ.