Search

ආර්ථික අපහසුතා ඇති ඔස්ට්‍රේලියානුවන්ට නොමිලේ දන්ත වෛද්‍ය සේවාවක්

ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින ඔස්ට්‍රේලියානුවන්ට නොමිලේ දන්ත වෛද්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ යටතේ සුදුසුකම් ලත් පුද්ගලයන්ට නොමිලේ දන්ත පරීක්ෂණ, පිරිසිදු කිරීම්, පිරවීම්, හා දත් ඇදීම වැනි සේවා ලබා ගත හැකියි.

සුදුසුකම් ලත් පුද්ගලයින් රජයේ දන්ත සේවා ලැයිස්තුවට ප්‍රථමයෙන් ඇතුළත් කරනු ලබනවා.

වහා ප්‍රතිකාර අවශ්‍ය නම්, ඔවුන්ට පුද්ගලික දන්ත වෛද්‍ය සේවා සඳහා වවුචරයක් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

වවුචරයක් ලබාදුන් පසු එය පිළිගන්නා පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන ලැයිස්තුවක් ද සපයනු ලබනවා.

වර්තමාන Concession Card හෝ Health Care Card හිමියන්, Centrelink Concession Card හිමියන් සහ Child Dental Benefits Schedule (CDBS) යටතේ සුදුසුකම් ලත් දරුවන් මේ සදහා සුදුසුකම් ලබනවා.

2025–26 වසර සඳහා, රජය ඩොලර් [$] මිලියන 107.8 ක අරමුදලක් මෙම වැඩසටහන සදහා රාජ්‍ය හා ප්‍රාදේශීය ආණ්ඩු වෙත ලබාදීමට නියමිතයි.

ඇල්බනීස්ට තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු රහසින් හමුවෙයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »