
ගංවතුරින් පසු ඔස්ට්‍රේලියාව පුරා මැලේරියා රෝගය සීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.
මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 71ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පුරා මෙය ව්‍යාප්ත වෙමින් පවතින බවයි ඔවුන් සදහන් කරන්නේ.
වාර්තා වූ රෝගීන්ගෙන් 97%ක් පමණ විදේශිකයන් වූ අතර ඉන් ප්‍රධාන වශයෙන් පැපුවා නිව්ගිනියාවෙන් සහ සොලමන් දූපත් වලින් පැමිණි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

2024 වසරේ ආසාදිතයින් 69 ක් 2023 දී ආසාදිතයින් 50 ක් සහ 2022 වසරේ ආසාදිතයින් 20 ක් වාර්තා වුවද මේ වසරේ මුල් මාස 6 තුල එය විශාල ලෙස වර්ධනය වී තිබෙනවා.
වැසි ජලය සහ ගංවතුර හේතුවෙන් රෝග ව්‍යාප්ත කරන මැදුරුවන් විශේෂය සීඝ්‍රයෙන් පැතිරෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මලේරියාවේ මූලික රෝග ලක්ෂණ උණ, හිසරදය සහ සෙම්ප්‍රතිශ්‍යාව වන අතර ආසාදිත මදුරුවෙකු දෂ්ට කිරීමෙන් දින 10යේ සිට 15ක් දක්වා කාලයක් ඇතුළත මෙම ලක්ෂණ පෙන්නුම් කරන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.