
ඔස්ට්‍රේලියාවේ සූදු ක්‍රීඩකයින් සෑම දිනකම ඩොලර් මිලියන 24 කට වැඩි මුදලක් Poker Machines නිසා අහිමි කරගන්නා බව නව දත්ත වාර්තාවක දැක්වෙනවා.
2025 වසරේ මුල් දින 90 තුළ පමණක් Poker Machines නිසා සූදු ක්‍රීඩකයින්ට අහිමි වූ මුදල ඩොලර් බිලියන 2.17ක් බව Wesley Mission ආයතනය සදහන් කර සිටියා.
Wesley Mission ආයතනය රජයේ සූදුවලට අදාල සංඛ්‍යාලේඛනවලින් ලබාගත් තොරතුරු අනුව වාර්ෂිකව එක් පුද්ගලයෙකු සූදු ක්‍රීඩාවන් නිසා ඩොලර් 3200 ක් අහිමි කරගන්නා බව හෙළිකර තිබෙනවා.

තවද රජය මෙම බරපතල සූදු හානිවලින් ජනතාව ආරක්ෂා කිරීමට අපොහොසත් වන බව ඔවුන් සදහන් කර සිටියා.
එහි ප්‍රධාන විධායක නිලධාරී ස්ටු කැමරන් පවසන්නේ සූදු ක්‍රීඩාවන් නිසා ඔස්ට්‍රේලියානුවන්ගේ පවුල් වලට අයහපත් බලපෑම් සිදුවන අතර පවුලේ අනෙකුත් සාමාජිකයින් සූදුවට ඇබ්බැහි වීමෙ අවදානමද වැඩි වන බවයි.

රජය හදුන්වා දී ඇති සූදු නීති වලට අමතරව දැඩි නීති රෙගුලාසි මේ සදහා පැනවිය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.