Search

මෙල්බන් රසායනාගාරයකින් ඩිම්බකෝෂ පිළිකා කලින් හඳුනාගැනීමට ක්‍රමයක්

ලොව ප්‍රථම වරට රුධිර පරීක්ෂණයක් මගින් ඩිම්බකෝෂ පිළිකා මුල් අවදියේදී හඳුනාගැනීමේ පර්යේෂණයක් මෙල්බන් නුවර රසායනාගාරයකදී අත්හදා බලා තිබෙනවා.

American Society of Clinical Oncology විසින් පවත්වන ලද සමුළුවකදීයි මේ පිළිබඳ තොරතුරු හෙළිව ඇත්තේ.

නව පර්යේෂණය මගින් ඩිම්බකෝෂ පිළිකා හඳුනා ගැනීම සඳහා සියයට 99.6 ක නිශ්චිතතාවයක් සහ සියයට 77 ක සංවේදීතාවයක් ලබාගැනීමට හැකි බව වෛද්‍යවරුන් පවසනවා.

අතපසු වූ රෝග විනිශ්චයන් නොමැතිව සියලුම මුල් අවධියේ පිළිකා මේ හරහා හඳුනා ගනු ලැබුවා.

පර්යේෂණයට එක් වු වෛද්‍ය ලීර්න් හින්ච් සදහන් කර ඇත්තේ ලොව පුරා කාන්තාවන්ගේ ජීවිත රැක ගැනීමට මෙම පරීක්ෂණය උපකාරී වනු ඇති බවයි.

ඩිම්බකෝෂ පිළිකා මුල් අවධියේදී රෝග ලක්ෂණ නොපෙන්වීම හේතුවෙන් දීර්ඝ කාලයකට පසුවයි රෝගය හඳුනාගනු ලබන්නේ.

ඔස්ට්‍රේලියාවේ සෑම පැය 8 කට වරක් එක් ඕස්ට්‍රේලියානු කාන්තාවක් මෙම රෝගයෙන් මිය යනවා.

එහෙත් නව පරීක්ෂණය මගින් සියයට 90 ක පමණ ජීවත ආරක්ෂාවක් අපේක්ෂා කළ හැකි බවයි වෛද්‍යවරුන් විශ්වාසය පළ කරන්නේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »