Search

අලුත් Airbus එකේ ඩොලර් ලක්ශ ගානක මාසික වාරිකය

ශ්‍රී ලංකන් ගුවන් සේවය ශක්තිමත් කිරීම සඳහා ගුවන් යානයක් ලබා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටට පත්වන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශකර තිබෙනවා.

මෙවැනි අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු යානයක් ලබාගැනීම ශ්‍රි ලංකා ගුවන් යානා පද්ධතියට විශාල වටිනාකමක් එකතු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ගුවන් යානයේ ලීසිං වාරිකය ලෙස මසකට ඩොලර් 275,000ක මුදලක් බදු ගත් ප්‍රංශ සමාගමට ගෙවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

තවද එම මුදල ගුවන් යානයෙන් ලැබෙන ආදායම හා සසඳන විට විශාල මුදලක් නොවන බව අමාත්‍යවරයා කියා සිටියා.

රාජපක්ෂ පාලන සමයේ Airbus ගනුදෙනුව හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය තවමත් මාසිකව ඇමරිකානු ඩොලර් 800,000 ක් ගෙවන බවත්, එම ගනුදෙනුවෙන් Airbus නොලැබුණු බවත් ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකර සිටියා.

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »