
ඔස්ට්‍රේලියාවේ තැපැල් සේවකයින් රාජකාරි සිදුකිරීමේදී සුනඛ ප්‍රහාර වලට ලක් වීම වැඩිවීම නිසා එයින් ආරක්ශා වීමට නව ක්‍රමවේදයක් හදුන්වාදී තිබෙනවා.
ඒ අනුව citronella සහ ජලය අඩංගු spray බෝතලයක් ඔස්ට්‍රේලියා පෝස්ට් විසින් තැපැල් සේවයන්ගේ අරාක්ෂාව සදහා ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
දිනකට බල්ලන් සපාකෑම් 9 ක් සහ සතියකට සපාකෑම් අනතුරු 44ක් පමණ වාර්තා වන බව ඔවුන් වැඩිදුරටත් සදහන් කර සිටියා.

spray බෝතලය පරීක්ෂණවලදී 80%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති අතර එමඟින් සාර්ථකව සුනඛයාගේ අවධානය වෙනස් කිරීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
ඔස්ට්‍රේලියා පෝස්ට් ආරක්ෂක කළමනාකරු රසල් මන්රෝ පැවසුවේ මෙමගින් සුනඛයාට කිසිදු හානියක් සිදු නොවී සේවකයන්ට ආරක්ෂාකාරීව ඉවත් වීමට ඉඩ සලසන බවයි.

ජූලි මාසය අවසානයේ සියලුම තැපැල් සේවකයින්ට spray බෝතලය ලබාදීමට සහ භාවිතා කල යුතු ආරක්ෂාකාරී ක්‍රම පිලිබඳව පුහුණු කිරීමක්ද ලබාදීමට නියමිත බව ඔහු සදහන් කර සිටියා.