
Vaping කිරීම නවතන ලෙසට දැනුම් දුන් පුද්ගලයෙකුට තරුණ පිරිසක් පහරදුන් පුවතක් වාර්තා වනවා.
London King’s Cross දුම්රිය ස්ථානයේදී දුම්රියකදී මෙම තරුණ පිරිස Vaping කළ අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙකු එය නවතන ලෙස පවසා තිබෙනවා.
එම අවස්ථාවේ තරුණයින් ඔහුට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

British Transport Police සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
සිද්ධිය පිළිබද තොරතුරු සපයන ලෙස ද පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
