
ඔස්ට්‍රේලියාවේ ඇති ලොව විශාලතම විවෘත සෆාරි උද්‍යානයට [open-range safari park] නව luxury resort සංකීර්ණයක් එක් කර තිබෙනවා.
Monarto Safari Resort ලෙස නම් කර ඇති එය අප්‍රිකානු ආභාෂය සහිත කාමර 78 කින් සමන්විතයි.
ඉදිරියේදී glamping tents 20ක් ද ඊට ඇතුළත් කිරීමට නියමිතයි.

දකුණු ඕස්ට්‍රේලියාවේ Monarto නගරයේ පිහිටා ඇති උද්‍යානය මේ වනවිට අමුත්තන් සඳහා විවෘත කර තිබෙනවා.
හෙක්ටයාර 1,500 කට වැඩි භූමි ප්‍රදේශයක විහිදී ඇති මෙම උද්‍යානයේ දේශීය සහ විදේශීය දුර්ලභ සතුන් 500 කට අධික ප්‍රමාණයක් ජීවත් වනවා.

මේ අතර Monarto උද්‍යානයේ සතුන්ගෙන් 70% කට වඩා වැඩි සංඛ්‍යාවක් වඳවීමේ තර්ජනයට මුහුණදී ඇති බවයි වාර්තා වන්නේ.
Tasmanian devils, greater bilby, black-flanked rock wallaby, mainland tammar wallaby වැනි සතුන් සඳහා ප්‍රජනන ව්‍යාපෘති ද උද්‍යානය තුළ ක්‍රියාත්මකයි.