
12 සිට සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයම දින 07 ක Lockdown කිරීමකට යටත් වන බව වැඩ බලන ප්‍රාන්ත අගමැති James Merlino මීට ටික වේලාවකට පෙර නිවේදනය කලා.
කොරෝනා වයිරසය තවදුරටත් වික්ටෝරියා ප්‍රාන්තය පුරා පැතිරීම වහාම වැළක්වීමේ අරමුණින් මෙම lockdown කිරීම සිදු කර ඇත.
අද මධ්‍යම රාත්‍රියේ සිට දින 07 ක සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ ගෘහස්ථා හෝ බාහිර ඕනෑම කටයුත්තකදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වනවා.

එමෙන්ම පහත කාර්යයන් 05 සඳහා පමණක් නිවසින් පිටතට යා හැකියි.
අත්‍යවශ්‍ය භාණ්ඩ හෝ සේවා ලබා ගැනීම

රැකියා හෝ අධ්‍යාපන කටයුතු (නිවසේ සිට කල නොහැකි නම් පමණක්)
එන්නත ලබා ගැනීම
වැඩිහිටි රැකවරණ කටයුතු
දිනකට උපරිම පැය 02 ක ශරීර සුවතා
අද රාත්‍රී 12 සිට ක්‍රියාත්මක නව සීමා සියල්ල මෙතැනින් කියවන්න