Search

රාගම වෛද්‍ය පීඨයේ ප්‍රථම IVF ප්‍රතිකාරය සාර්ථකයි

කැලණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ ඉදි කරන ලද නව Government Fertility Centre, එහි පළමු සාර්ථක IVF [In Vitro Fertilization] ප්‍රතිකාරය වාර්තා කර තිබෙනවා.

පළමු රෝගියා මේ වනවිට සති 28 ක ගැබිනියක් බවයි හෙළිව ඇත්තේ.

ප්‍රසව හා නාරිවේද දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක මෙම ප්‍රතිකාරය අඩු වියදමින් සහ රජයේ ආධාර යටතේ සිදු කෙරෙනවා.

මේ පිළිබඳ අදහස් දක්වමින් රාගම වෛද්‍ය පීඨයේ විශේෂඥ වෛද්‍ය ටිරාන් ඩයස් පවසන්නේ එය පරීක්ෂණාත්මක ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන බවයි.

ඉදිරියට මෙම ප්‍රතිකාරය පවත්වාගෙන යාම සහ රෝගීන් තේරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »