Search

වික්ටෝරියාවේ කවුන්සිලයක් ගංවතුර අධ්‍යයනයක් අත්හැර දමයි

නිරිතදිග වික්ටෝරියාවේ වෝර්නම්බූල් [Warrnambool] කවුන්සිලය සම-සමාලෝචනය කරන ලද [peer-reviewed] ගංවතුර අධ්‍යයනයක් අත්හැර දමා තිබෙනවා.

දකුණු වෝර්නම්බූල් [Warrnambool] සහ ඩෙනින්ටන් [Dennington] ප්‍රදේශවල ස්වාධීනව සම-සමාලෝචනය කරන ලද පරීක්ෂණයෙන් ප්‍රදේශයේ ඉහළ ගංවතුර අවදානමක් ඇති බව සොයාගෙන ඇති අතර සභා සැලසුම් යෝජනා ක්‍රමවලට වෙනස්කම් ද නිර්දේශ කර තිබුණා.

එහෙත් කවුන්සිලයේ සාමාජිකයන් පවසන්නේ අදාළ දත්ත විශ්වාස කිරීමට නොහැකි බවයි.

පසුගියදා පැවති වෝර්නම්බූල් [Warrnambool] නගර සභා රැස්වීමකදී, මන්ත්‍රීවරුන් අධ්‍යයනය ප්‍රතික්ෂේප කළා.

අධ්‍යයනය මේ වනවිට නතර කර ඇතත් රජයේ ආයතන, රක්ෂණ සමාගම් සහ කවුන්සිලය විසින් මෙම දත්ත යාවත්කාලීන ගංවතුර තොරතුරු ලෙස භාවිතා කරනු ලබනවා.

දකුණු වෝර්නම්බූල් [Warrnambool] ගංවතුර අධ්‍යයනය වික්ටෝරියානු රජය විසින් අරමුදල් සපයන වසර තුනක වැඩපිළිවෙලක් ලෙසයි ක්‍රියාත්මක වුනේ.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »