Search

දරුවකුගේ කොට්ටයකින් සර්පයකු හමුවෙයි

Queensland හි පියෙකුට  තම දියණිය නිදා සිටියදී ඇදේ කොට්ට උරය තුළට රිංගා සිටි සර්පයකු හමු වී තිබෙනවා.

Gympie ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි  එමිලි නම් දැරිය විසින් සිය කොට්ට උරය තුළ යමක් චලනය වන බව තම පියාට පවසා තිබුනා.

ඒ අනූවයි පියා විසින් සෝදිසි කර තිබුනේ.

පිටතට ගෙන  කොට්ට උරය ඉවත් කරන විට එහි සිටි  සර්පයා පිටත වැටී තිබෙනවා.

සිය කොට්ටය තුල සිටි සර්පයා දුටු විට මෙම දැරිය කම්පනයට පත්ව තිබූ අතර පියා විසින් සර්පයින් අල්ලාගන්න පුද්ගලයකු අමතා  සර්පයා ඉවත් කර තිබෙනවා.

දැරියගේ පියා වන Michael Bonney පැවසුවේ සර්පයා ඔහුගේ ඉදිරිපස දොරේ කුඩා හිඩැසක් හරහා නිවසට ඇතුළු වන්නට ඇතැයි අනුමාන කරන බවයි.

මීට පෙරද නිවසට සර්පයින් ඇතුලූ වූ අවස්තා තිබුනද ඔවුන්ට හිරිහැරයක් සිදු නොවූ බව දැරියගේ පියා සදහන් කර තිබුනා.

එසේ වුවද දරුවන් නින්දට යාමට පෙර ඔවුන් නිදා ගන්නා ස්ථාන නිරතුරුව සොයා බලා පිරිසිදු කිරීම ඉතා වැදගත් වනවා.

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »