Search

නිවසකින් මියගිය බළලුන් සියදෙනෙකු සොයා ගැනේ

නිරිතදිග ජපානයේ සත්ව සුභසාධන කණ්ඩායමකට අයත් කාන්තාවකගේ අපිරිසිදු නිවසක තිබී මියගිය බළලුන් සිය දෙනෙකු පමණ සොයා ගෙන තිබෙනවා.

Animal Assist Senju නම් සත්ව සුභ සාදන කණ්ඩායම මේ සම්බන්දයෙන් සමාව ගෙන තිබෙන්නේ අදාල නිවස එම කණ්ඩායමේ සාමාජිකයකුගේ නිවසක් වීම හේතුවෙන්.

කුණු කසළ විසිරී ඇති නිවස මළ මූත්‍රාවලින් පිරී තිබූ බවද වාර්තාවල සදහන්.

එම කණ්ඩායම පැවසුවේ නිවෙස් හිමිකාරිය සංවිධානයෙන් උපදෙස් නොගෙන අනවසරයෙන් මෙම බළලුන් තම භාරයේ තබාගෙන ඇති බවයි.

Animal Assist Senju කණ්ඩායම සිදු කරනු ලබන්නේ සත්ව නවාතැන් වලින් බළලුන් සහ බල්ලන් බේරාගෙන නව නිවාස වෙත මාරු කරන බවයි.

බළලුන් මිය යාමට පෙර කොතරම් වේදනාවක් අත්විඳිනවාද කියා සිතාගත හැකි පැවසූ සත්ව සුභ සාදන කණ්ඩායම කියා සිටියේ අදාල කාන්තාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

කෙසේවෙතත් සෝදිසි මෙහෙයුම් අතරතුරදී ජීවතුන් අතර සිටි බලලුන් 12 දෙනෙකු සොයාගෙන තිබෙනවා.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »