මෙල්බර්න් කොවිඩ් පොකුර සීඝ්‍රයෙන් ඉහළට – නැවතත් Lockdown කෙරෙන ළකුණු ???

මෙල්බර්න් නගරයෙන් හඳුනාගත් කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ඉහළ යාම හමුවේ නැවතත් Lockdown තත්වයකට යාමට සිදුවනු ඇති බවට අනාවැකි පළවනවා.

ඒ ගතවූ පැය 24 තුළ තවත් ආසාධිතයන් 12 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

මේ අනුව නවතම පොකුරේ ආසාධිතයන් සංඛ්‍යාව 26 ක් දක්වා වැඩිවී තිබේ.

වික්ටෝරියා ප්‍රාන්ත බළධාරීන් ගතවූ පැය 24 තුළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝව සාකච්ඡා කර ඇතැයිද වාර්තා වේ.

මෙල්බර්න් නගරයට අවසන් වරට Lockdown තත්වයක් ක්‍රියාත්මක වූයේ පසුගිය පෙබරවාරියේදීයි.

Source : https://7news.com.au/lifestyle/health-wellbeing/victorias-covid-19-cluster-grows-by-eleven-ahead-of-looming-lockdown-decision-c-2943413

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »