
COVID-19 රෝගය සඳහා නිරෝධායනය වීම තවදුරටත් ඕස්ට්‍රේලියාවේ අනිවාර්ය නොවන බව බලදාරීන් සදහන් කරනවා.
කිසියම් අයකු ශ්වසන රෝගයකින් පෙලෙන්නේ නම් හෝ අසනීප වී සිටීනම් පමණක් විශේෂඥයින් විසින් හුදකලා වීමට නිර්දේශ කරනු ලබන බවයි වාර්තා වන්නේ.
COVID-19, ඉන්ෆ්ලුවෙන්සා සහ RSV යන සියල්ලම මේ සමයේදී ක්‍රියාකාරී වන අතර වසරේ මේ දක්වා රෝගීන් 196,000 කට වැඩි පිරිසක් වාර්තා වී තිබෙනවා.

නව COVID-19 ප්‍රභේදයක් වන NB.1.8.1, මේ වන විට චීනයේ සහ හොංකොං ප්‍රදේශ වල පැතිරෙමින් පවතින අතර අතර එම තත්වය WHO විසින් නිරීක්ෂණය කරමින් පවතිනවා.
මහජන සෞඛ්‍ය විශේෂඥ ඈන් මාරි බෝල්ඩ්වින් පවසන්නේ වසර පහකට පෙර තිබූ තත්වයට සාපේක්ෂව මෙම වෛරසය වෙනස් මට්ටමක පවතින බවයි.

එම කාලය තුල COVID-19 ප්‍රතිශක්තියක් නොමැති නව වෛරසයක් වුවද මේ වන විට බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට එන්නත් හරහා යම් ආකාරයක ආරක්ෂාවක් පවතින බවද සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.
හුදකලාවීම නීතිමය වශයෙන් බලාත්මක නොකළද, අසනීප වූ විට නිවසේ රැඳී සිටීම තුලින් අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කිරීමට හැකි වන බවද සෞඛ්‍ය බලදාරීන් සදහන් කර තිබෙනවා.