
මිලියන ගණනක නිවාස හිමියන්ට සිය ණය ආපසු ගෙවීම් පරීක්ෂා කරන ලෙස ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු පවසනවා.
සංචිත බැංකුවේ අනුපාත කප්පාදුවලට අනුකූලව ප්‍රධාන බැංකු 4 න් එකක් පමණක් ණය අඩුකිරීම් ස්වයංක්‍රීයව සිදුකරනු ලැබුවා.
සියලුම ප්‍රධාන බැංකු 4 පසුගිය මාසයේදී පොලී අනුපාත කප්පාදුවට අදාල නිළ මුදල් අනුපාතය සියයට 3.85 දක්වා අඩු කර තිබෙනවා.

සාමාන්‍යයෙන් නිවෙස් පදිංචිකරුවකුගේ ණය ඩොලර් 660,000 ක් නම් ඒ සඳහා, නවතම අනුපාත කප්පාදුව මගින් ඩොලර් 213 ක මාසික ඉතුරුවක් හෝ ඩොලර් 2500 කට වඩා වැඩි වාර්ෂික ඉතිරියක් සිදුකළ හැකියි.
මේ අතර NAB, ANZ සහ Commbank හි ණය ගැතියන් අවම මුදල ගෙවීම සඳහා ඔවුන්ගේ උකස් ආපසු ගෙවීම් වෙනුවෙන් ඉල්ලා සිටිය යුතු වනවා.

එමෙන්ම Westpac සහ Macquarie බැංකු ගනුදෙනුකරුවන්ගේ Direct Debit Amounts, මුදල් අනුපාතයට ගැලපෙන පරිදි ස්වයංක්‍රීයව අඩු කරනු ලැබෙනවා.
මූල්‍ය විශේෂඥයින් පෙන්වාදෙන්නේ බොහෝ නිවාස හිමියන් RBA කප්පාදුව මත විශ්වාසය තැබූ නමුත්, ඔවුන් එම මුදල් ගෙවන්නේ නැතිනම් ඔවුන්ට සහනයක් නොලැබෙනු ඇති බවයි.
බොහෝ ඔස්ට්‍රේලියානුවන්ට සිල්ලර බඩු, ඉන්ධන සහ බලශක්ති බිල්පත් හේතුවෙන් ණය ගෙවීම් ප්‍රමාද වී ඇති බවයි විශේෂඥයින් කියාසිටින්නේ.
පෙබරවාරි මාසයේ අනුපාත කප්පාදුවෙන් පසුව, කොමන්වෙල්ත් බැංකු ගනුදෙනුකරුවන්ගෙන් සියයට 86 ක් පමණ ඔවුන්ගේ නිවාස ණය සඳහා සෘජු හර කිරීම අඩු කර නැහැ.
NAB බැංකුවට, ණය ගැතියන්ගෙන් සියයට 95 ක් ඔවුන්ගේ ආපසු ගෙවීම් සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ.
ණය ගැණුම්කරුවන්ට ඔවුන්ගේ නිවාස ණය ආපසු ගෙවීම් Online, app එකෙන්, දුරකථනයෙන් හෝ පෞද්ගලිකව නැරඹිය හැකි වනවා.