Search

ආර්ථිකයට බලපෑම් කළ ඔස්ට්‍රේලියාවේ කාලගුණය

ඉතුරුම් සහ අයහපත් කාලගුණික බලපෑම් හේතුවෙන් වසරේ පළමු කාර්තුවේදී ආර්ථිකය සුළු වර්ධනයක් පමණක් පෙන්නුම් කරන බව නව දත්තවල දැක්වෙනවා.

මේ හේතුවෙන් අපනයන සහ සංචාරක කටයුතු සඳහා ඔස්ට්‍රේලියානුවන් විසින් තම ආදායමෙන් වැඩි ප්‍රමාණයක් වැය කිරීමට සිදුව ඇති බවයි ඔස්ට්‍රේලියා සංඛ්‍යාලේඛන වාර්තාවේ දැක්වෙන්නේ.

ඊයේ ඔවුන් නිකුත් කළ නව දත්ත වලින් පෙනී ගියේ මාර්තු කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය සියයට 0.2 කින් ඉහළ ගොස් ඇති අතර එය දෙසැම්බර් මාසයේ සියයට 0.6 සිට අඩු වී ඇති බවයි.

එහෙත් පසුගිය මාස 12 තුළ සියයට 1.3 කින් ඉහළ ගොස් ඇති බව ඔවුන් කියාසිටියා.

මේ අතර විශ්ලේෂකයින් අපේක්ෂා කළේ කාර්තුව සඳහා සියයට 0.1 සහ 0.3 අතර ඉහළ යාමක් සහ වසර සඳහා සියයට 1.2 සිට1.4 ක් පමණ වනු ඇති බවයි.

ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව සහ අනෙකුත් දරුණු කාලගුණික තත්ත්වයන් ආර්ථිකයට හානි කළ අතර, වියදම් වර්ධනය සියයට 0.7 සිට සියයට 0.4 දක්වා මන්දගාමී වී තිබෙනවා.

පතල් කැණීම, සංචාරක ව්‍යාපාරය සහ නැව්ගත කිරීම යන අංශවලට අයහපත් කාලගුණයෙන් බරපතල හානියක් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

 

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »