
ගිනිකොනදිග ඕස්ට්‍රේලියාව හරහා හමා එන සීතල හේතුවෙන් ඉදිරි සතිය තුළ ඕස්ට්‍රේලියා ඇල්ප්ස් කඳුකරයේ දිනපතා හිම පතනයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මේ හේතුවෙන් නිව් සවුත් වේල්ස්, ටැස්මේනියාව සහ වික්ටෝරියා හි උස් කඳුකරයට සැහැල්ලු හිම පතනයක් ඇදහැලෙනු ඇති බවයි Weatherzone වාර්තා කරන්නේ.
කාලගුණ විද්‍යා කාර්යාංශය පවසන්නේ වික්ටෝරියා හි Mt Hotham සහ Mt Buller හි ski fields හි හිම වැටීමේ සුළු අවස්ථාවක් පුරෝකථනය කරන අතර උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක -1 ක් වනු ඇති බවයි.

නිව් සවුත් වේල්ස් හි, Perisher සහ Thredbo හි හිම වැටීමේ සුළු අවස්ථාවක් ද පවතින බව සඳහන්.
බදාදා රාත්‍රියේ සිට බ්‍රහස්පතින්දා උදෑසන දක්වා වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ඇල්ප්ස් හි අවම උෂ්ණත්වය -5 සිට -7°C දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

සෙනසුරාදා සිට අවම වශයෙන් අඟහරුවාදා දක්වා සෑම දිනකම කඳුකරයේ හිම වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.