
නිවාස ණය සකස් කිරීමේදී විෂමාචාර සිදුකළ බවට චෝදනා කරමින් RAMS නිවාස ණය සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා.
ඒ ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිසම (ASIC) විසිනුයි.
Westpac හි උකස් තැරැව්කාර අනුබද්ධිත ආයතනයක් වන RAMS සමාගම ණය නීති කඩ කර ඇති බව, හා 2019 ජුනි සහ 2023 අප්‍රේල් අතර කාලය තුළ බලපත්‍ර රහිත හැසිරීමක නිරත වූ බවයි චෝදනා එල්ල වී ඇත්තේ.

RAMS කාර්ය මණ්ඩලය උකස් අයදුම්පත් වල ව්‍යාජ වැටුප් පත්‍රිකා ඉදිරිපත් කර ඇති බවත්, ණය සේවා හැකියාව පිළිබඳ විධිවිධාන සපුරාලීම සඳහා ගනුදෙනුකරුවන්ගේ වියදම් සහ ණය වෙනස් කර ඇති බවත් ASIC විසින් සිදුකරන චෝදනාවලට ඇතුළත්.
ASIC නියෝජ්‍ය සභාපතිනි සාරා කෝට් පැවසුවේ මෙය RAMS හි පරිපාලනයේ අසාර්ථකත්වයක් පෙන්වන අතර ඔවුන් එහි franchise network එක ප්‍රමාණවත් ලෙස අධීක්ෂණය නොකළ බවයි.

RAMS වසර ගණනාවක් එහි franchise හරහා නීති විරෝධී හැසිරීම් සිදුවීමට ඉඩ සැලසූ අතර, එම ණය සඳහා සුදුසුකම් නොලබන ගනුදෙනුකරුවන්ට ණය ලබා දීමට අවස්ථාව නිර්මාණය කර එමඟින් RAMS උපයන කොමිස් මුදල් වැඩි කර ගෙන ඇතැයි නියෝජ්‍ය සභාපතිනිය කියාසිටියා.
පසුගිය අගෝස්තු මාසයේදී, Westpac නිවේදනය කළේ RAMS සන්නාමය වසා දමා ඇති හෙයින් නව නිවාස ණය අයදුම්කරුවන්ට වෙනත් ණය සමාගම්වලට යොමුවන ලෙසයි.
මේ අතර RAMS විසින් උල්ලංඝනය කිරීම් සඳහා වගකීම පිළිගෙන ඇති අතර විෂමාචාරයෙන් බලපෑමට ලක් වූ ගනුදෙනුකරුවන්ට සහන ලබා දීමට සූදානම් වනවා.
RAMS ට එරෙහිව ASIC මූල්‍ය දඬුවම් සහ ප්‍රකාශන අපේක්ෂා කරන අතර පළමු නඩු විභාගය දිනය තවමත් නිකුත්කර නැහැ.