
අන්තර්ජාල ලිංගික අපයෝජනයකට සම්බන්ධ නයිජීරියානුවන් දෙදෙනෙකු නිව් සවුත්වේල්ස් හිදී [New South Wales] අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලිංගික අපයෝජනවලට සම්බන්ධ නයිජීරියානු ජාතිකයන් 22 දෙනෙකු පොලිසිය පසුගියදා අත්අඩංගුවට ගත්තා.
ඉන් දෙදෙනෙකු 2023 වසරේ දී නිව්සවුත්වේල්ස් හි නිදන කාමරයක් තුළදී බාල වයස්කරුවෙකු මියයාමේ සිද්ධියකට සම්බන්ධ බවටයි තොරතුරු හෙළිව ඇත්තේ.

අන්තර්ජාල අපරාධකරුවෙකු සමඟ Sexual Photos හුවමාරු කර ගැනීමට යෞවනයාට බල කිරීමෙන් පැය කිහිපයකට පසු ඔහු සියදිවි නසා ගෙන ඇති බව NSW රහස් පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.
යෞවනයාට අපරාධකරු Sexual Photos ආපසු යැවීමට තර්ජනය කර ඇති අතර ඩොලර් [$] 500 ක් ගෙවන ලෙසයි දැනුම් දී ඇත්තේ.

එසේ නොමැතිනම් රූපය ඔහුගේ මිතුරන්ට සහ පවුලේ අයට ලබාදෙන බවට අපරාධකරු තර්ජනය කර ඇති බව ද පොලිසිය පවසනවා.
මේ අතර මෙවැනි අපරාධ ලොව පුරා බාලවයස්කරුවන්ට බලපාන බවයි ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය [Australian Federal Police] [AFP] පෙන්වා දෙන්නේ.
ළමා සූරාකෑමට එරෙහි ඕස්ට්‍රේලියානු මධ්‍යස්ථානයට (ACCCE) 2024 වර්ෂය තුළ පමණක් ලිංගික අපයෝජනයට අදාළ වාර්තා 1554 ක් ලැබී තිබෙනවා.
2021 සිට එක්සත් ජනපදයේ යෞවන සියදිවි නසාගැනීම් 20 කට වැඩි ප්‍රමාණයක් ලිංගික අපයෝජනයට අදාළ නඩු සමඟ සම්බන්ධ වී ඇති බවයි AFP පවසන්නේ.