
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදුවු ගැටලුවකට රෙඩී එක්ස්ප්‍රස් Reddy Express ආයතනය පාරිභෝගිකයන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.
පසුගියදා පාරිභෝගකයෙකුගෙන් පෙට්‍රල් ටැංකියක් සඳහා ඩොලර් [$] 14,000 කට වඩා වැඩියෙන් වැරදි ලෙස අය කර තිබුණා.
තවත් එවැනි අමතර මුදල් ගෙවීමට සිදු වු සිද්ධි කිහිපයක් ද වාර්තා වී තිබෙනවා.

මහජන පැමිණිලිවලින් පසුව Reddy Express ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ credit හෝ debit කාඩ් මගින් ගෙවන ඇතැම් පාරිභෝගිකයන්ට බලපාන EFTPOS දෝෂ හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූ බවයි.
මේ අතර හැකි ඉක්මනින් ඕනෑම අනුපිටපත් ගනුදෙනුවක් ආපසු හැරවීමට පියවර ගෙන ඇති බවයි සමාගමේ ප්‍රකාශකයෙක් පවසන්නේ.

ගැටලු ඇති වු පාරිභෝගිකයන් 1800 656-055 අංකයට අමතන ලෙස ද දැනුම් දී තිබෙනවා.
ගනුදෙනුකරුවන්ට මුදල් ආපසු ගෙවීම් වේගවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ද මේ වනවිට ක්‍රියාත්මකයි.