Search

IPL ජය Royal Challengers Bengaluru කණ්ඩායමට

ඉතිහාස‌යේ පළමු වරට IPL කුසලානය දිනා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ සමත් වුනා.

ඒ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු හා පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර ඊයේ රාත්‍රියේ පැවති අවසන් තරගයෙන්  පසුවයි.

ඒ අනූව වඩාත් තරගකාරී මෙන්ම ධනවත්ම ලීග් ක්‍රිකට් තරග මාලාව වන, ඉන්දියන් ප්‍රීමියර් ලීග් මෙම වසරේ  තරගාවලිය ඊයේ රාත්‍රියේදී නිමාවට පත් වුනා.

අවසාන මහා තරගයේ කාසිය වාසිය හිමිකර ගත් පංජාබ් කිංග්ස් නායක ශ්‍රීයර්ස් අයියර් පළමුව පන්දු යැවීමට තීරණය කලා.

ඒ අනූව  පන්දුවට පහරදුන් චැලෙන්ජර්ස් බැංගලූරු පිල මෙහිදී  සිය පන්දු වාර 20 තුළ කඩුළු 9කට ලකුණු 190 ක තරගකාරී ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්වුනා.

එහිදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිලේ ඉහළම ලකුණු ලාභියා වූයේ සුපිරි ඉන්දීය පිතිකරු විරාට් කෝලි.

ඔහු පන්දු 35කදී ලකුණු 43 ක් ලබා ගැනීමට සමත්වුනා.

පංජාබ් කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ පිතිකරුවන් 7 දෙනෙකු දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 184 ක් පමණයි.

 

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. ජූනි මාසයේ ණය ගැනීමේ පිරිවැය අඩුවීම සහ උද්ධමනය ස්ථාවර

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »

අවුරුදු 6 ක දැරියක් 45 හැවිරිදි පුද්ගලයෙකුට විවාහ කරදීමේ පුවතක්

වයස අවුරුදු හයක ගැහැණු දරුවෙකු 45 හැවිරිදි පුද්ගලයෙකු සමග විවාහ කරදීමට තැත් කිරීමේ පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වනවා. 

Read More »