Search

දරුවෙකු ලැබීම දෙමාපියන්ට වෙහෙසකරද?

දරුවෙකු ලැබීම සිත් ඇදගන්නා සුළු හා අර්ථවත් වන අතර එය දෙමාපියන්ට කනස්සල්ලට හා වෙහෙසකර වීමටද හේතු විය හැකි වනවා.

දෙමාපියන්ගේ තෘප්තිය පිළිබඳ නව අධ්‍යයනයකින් මෙම පරස්පරතාව පිළිබඳ සමීක්ෂණයක් සිදුකර තිබෙනවා.

Cologne විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාඥයින් වන Marita Jacob සහ Ansgar Hudde ගේ සොයාගැනීම් පසුගියදා Marriage and Family නම් සඟරාවක ප්‍රකාශයට පත් කෙරුණා.

පර්යේෂකයින් මෙම අධ්‍යයනය සඳහා රටවල් 30 ක් පදනම් කරගනිමින් පුද්ගලයින් 43,000 කට වඩා වැඩි යුරෝපීය සමාජ මට්ටම් දත්ත ලෙස යොදාගෙන තිබුණා.

එහිදී අනාවරණය වූයේ ජාතිකත්වය හෝ සමාජ තත්ත්වය නොසලකා මව්වරුන් සහ පියවරුන් දෙදෙනාම තම ජීවිත කැපකිරීම් සිදුකරන නමුත් ඔවුන්ගේ ජීවිත තෘප්තිය සම්බන්ධයෙන් එකිනෙකා දක්වනුයේ වෙනස් අදහස් බවයි.

මෙය බොහෝ දුරට ප්‍රතිචාර දක්වන්නාගේ ජීවන තත්ත්වය මත පමණක් නොව, ඔවුන්ගේ රටේ පවුල් ප්‍රතිපත්තිය මත ද රඳා පවතිනු ඇතැයි සමීක්ෂකයින් පෙන්වාදෙනවා.

පවුල් ජීවිතය තවමත් ප්‍රධාන වශයෙන් රැකබලා ගන්නේ කාන්තාවන් විසින් වන අතර ජර්මනියේ, කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් තම දරුවන් රැකබලා ගැනීමට හැකි වන පරිදි තම වැඩ කරන පැය ගණන අඩු කර තිබෙනවා.

අර්ධකාලීනව වැඩ කරන ජර්මානු පිරිමින්ගෙන් 6% කටත් වඩා අඩු ප්‍රමාණයක් පවුල් හේතූන් මත එසේ කිරීමට පෙළඹී ඇති බවයි වාර්තා වන්නේ.

ෆින්ලන්තයේ දෙමාපියන් ජර්මනියේ දෙමාපියන්ට වඩා තෘප්තිමත්වීමට හේතුවී ඇති තවත් සාධකයක් වන්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයයි.

සමාජ විද්‍යාඥ ජේකොබ් පවසන්නේ ස්කැන්ඩිනේවියානු රටවල ඇති සමාන වැටුප් මෙන්ම සුළු ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයක් තිබීමෙන් එරට කාන්තාවන් වඩාත් තෘප්තිමත් බවයි.

ජේකබ් නිර්දේශ කරන්නේ සමස්තයක් ලෙස සමාජයේ වගකීම දරුවන් වන බැවින් දෙමාපියන් එකිනෙකාට වැඩි සහයෝගයක් ලබා දීම පමණක් නොව, එය පිරිනමන විට එය පිළිගැනීමටද දෙපාර්ශවය වගබලා ගත යුතු බවයි.

ඇල්බනීස්ට තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු රහසින් හමුවෙයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »