
paracetamol සහ antidepressants සදහා භාවිතා කරන බෙහෙත් භාවිතයෙන් ළමුන් හා තරුණයින් 100 කට ආසන්න ප්‍රමාණයක් දිනකට හදිසි ප්‍රතිකාර ඒකකවලට ඇතුලත් කරන බව වෛද්‍යවරුන් පවසනවා.
ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ දෙමව්පියන් විසින් මෙම බෙහෙත් වර්ග වෛද්‍ය නිර්දේශයකින් තොරව පිටතින් මිලදී ගෙන ලබා දීමයි.
වැඩිහිටියන්ට වඩා වෙනස් ආකාරයකින් දරුවන්ගේ ශරීර ඖෂධ වලට ප්‍රතිචාර දක්වන නිසා වැඩිහිටියන්ගේ ඖෂධ මාත්‍රාවන් ඔවුන්ට ලබාදීමෙන් වළකින ලෙසයි වෛද්‍යවරුන් ප්‍රකාශකර තිබෙන්නේ.

paracetamol අධි මාත්‍රාවෙන් ලබාගැනීම ඉතා භයානක තත්වයක් මෙන්ම එහි මුල් අවධියේදී රෝග ලක්ෂණද අවම විය හැකි බවයි වෛද්‍ය Stuart Levena අවදාරණය කර සිටියේ.
නිවසේ භාවිත වන බෙහෙත් පිළිබඳ දෙමව්පියන් වැඩි අශයෙන් අවදානය යොමු කරන ලෙස වෛද්‍යවරුන් ඉල්ලා සිටියා.
