
ඔස්ට්‍රේලියාවේ පවතින නීතියකට අනුව වාහන අඟුළු නොදමා යන රියදුරන් සදහා දඩ මුදලක් අය කල හැකි බව හෙළි වී තිබෙනවා.
මෙම නීතිය පවතින්නේ වාහන සොරකම් කිරීම සහ සොරකම් කරන ලද වාහන යොදාගනිම් සිදුකරන අපරාධ හෝ භයානක රිය පැදවීම වැළැක්වීම සදහා බවයි අනාවරණය වන්නේ.
අඟුළු නොදැමූ වාහන සොරකම් කර හානි සිදු වුවහොත් හිමිකරු අර්ධ වශයෙන් වගකිව යුතු අතර රක්ෂන වගකීමද ඔහු සතු වනවා.

මීටර 3කට වඩා ඈතට යන විට වාහනය අඟුළු දැමීම සිදුකල යුතු අතර එසේ නොකර වික්ටෝරියා රියදුරන්ට ඩොලර් 117 ක ක්ෂනික දඩයක් සහ උසාවි දැමීමක් සිදුවුවහොත් ඩොලර් 600 ක් දක්වා දඩ ගෙවීමකට ලක්වෙන බවයි වාර්තා වන්නේ.
වාහනය තුළ සතුන් සිටින අවස්ථාවක සෙන්ටිමීටර 2කට අඩු ලෙස ජනෙලය විවෘතව තැබීමට අවසර ඇති අතර සෙන්ටිමීටර 2කට වඩා විවෘත කරන්නේ නම් දඩයකට ලක් වීමට සිදු වනවා.
