
දැනට වාර්තා වූ මෙල්බර්න් නුවර කොරෝනා ආසාදිතයෙකු පසුගිය සති අන්තයේදී MCG පිටියේ පැවති AFL තරගයක් නැරඹීමට ගොස් ඇති බව වාර්තා වේ.
අදාළ ආසාදිතයා මැයි 23 වන දින MCG පිටියේ පැවති Collingwood-Port Adelaide තරගය නැරඹීමට ගොස් ඇති අතර Punt Road අන්තයේ පිහිටි Great Southern ක්‍රීඩාගාරයේ පළමු මහලේ Zone 4 හි සිටි බව වාර්තා වේ.
එම කලාපයේ සිටි සියලුම ප්‍රේක්ෂකයින්ව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සම්බන්ධ කරගත් බව සඳහන්.

ඔවුන් වහාම කොරෝනා පරීක්ෂණ සිදුකර ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබෙන තෙක් ස්වයං නිරෝධායනය විය යුතුය.
එමෙන්ම ඊට යාබද කලාප වල සිටි පුද්ගලයින් හට කොරෝනා රෝග ලක්ෂණ මතු වුවහොත් කොරෝනා පරීක්ෂණ සිදුකරගන්නා ලෙස ද දැනුම් දී තිබේ.
