Search

ලොව ප්‍රථම වරට හෘද රෝගවලට ඖෂධීය Shake පානයක්

හෘද රෝග අවදානම අවම කර ගැනීම සදහා shake පානයක් මෙල්බන් හි පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා.

Monash විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පවසන්නේ එය ලොව ප්‍රථම වරට සොයාගත් විද්‍යාත්මක වාර්තාවක් බවයි.

short-chain fatty acidsලෙස හඳුන්වන පදාර්ථයක් ඔවුන් බඩවැල් තුළින් සොයා ගෙන තිබෙනවා.

පර්යේෂකයන් පවසන්නේ ඉන් රුධිර පීඩනය පහළ දැමිය හැකි අතර හෘද රෝග  අවදානම ද අඩු කරන බවයි.

අධි රුධිර පීඩනය සහ පාලනය නොවූ ස්ට්‍රෝක් [stroke]අවදානම ද ඉන් අවම කෙරෙනවා.

මෙම short-chain fatty acid පදාර්ථය shake එකක් ලෙස ලබාදිමේ හැකියාව පිළිබද පර්යේෂකයන් මේ වනවිට අවදානය යොමු කර තිබෙනවා.

Monash විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පර්යේෂකයෙකු වන මහාචාර්ය ෆ්‍රැන්සින් මාර්ක් පවසන්නේ ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ගෙන් තුනෙන් එකක් අධි රුධිර පීඩනයට ගොදුරු වී ඇති බවයි.

හෘද වාහිනී රෝග ඔස්ට්‍රේලියාවේ මරණවලට බලපා ඇති හේතුවලින් දෙවැනි ස්ථානයට පත්වී තිබෙනවා.

ඉන් වාර්ෂිකව මරණ 45,000ක පමණ වාර්තා වන අතර අධි රුධිර පීඩනය මෙහි ප්‍රධාන අවදානම් සාධකය වනවා.

මේ අතර අත්හදා බැලීම් සාර්ථක වුවහොත් වසර පහක් ඇතුළත මෙම ඖෂධය වෙළඳසැල්වලට ලබාදීමට හැකිවනු ඇති බවටයි පර්යේෂකයන් විශ්වාසය පළ කරන්නේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »