Search

චීනය ළමුන් සදහා AI තහනම් කරයි

චීනයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නව උපදෙස් අනුව ප්‍රාථමික පාසල් සිසුන්ට AI භාවිතා කර Home Work කිරීම තහනම් කර තිබෙනවා.

අධ්‍යාපනය සදහා AI තාක්ෂණය සහයක මෙවළමක් ලෙස පමණක් ‍යොදාගැනීම කළ යුතු බවයි චීන රජය අවධාරණය කර සිටියේ.

තවද ප්‍රාථමික ගුරුවන් සදහාද AI භාවිතා කරමින් ලකුණු දීම හා පිළිතුරු සෑදීම තහනම් කර තිබෙනවා.

 

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ පාසල් අධ්‍යාපනයට AI තාක්ෂණය එකතු කිරීමට සහාය දක්වමින් සිටින නමුත් දත්ත ආරක්ෂාව හා යටිතල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කළ යුතු බවයි.

චීන රජය ප්‍රාදේශීය මට්ටමෙන් සුදුසු AI පාලන ප්‍රතිපත්ති සකස් කරන ලෙසත් අනුමත කළ හැකි AI ලයිස්තුවක් සකසන ලෙසත් බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඉදිරියේදී ප්‍රාථමික හා ද්විතීය පාසල්වල AI අධ්‍යාපන මූලස්ථාන පිහිටුවීමක් සිදු කරන බවත් ගුරුවරුන්ට AI තාක්ෂණය තේරුම් ගැනීම සහ භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහන්ද වැඩි කරන බවත් චීන අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියා .

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »