
ඔස්ට්‍රේලියාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට අවන්හල් පිළිබද තොරතුරු ලබා ගැනීම සදහා නව App එකක් සකස් කර තිබෙනවා.
මෙල්බන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක වන සබ්‍රිනා ලියුන් (Sabrina Leung) විසින් නිර්මාණය කළ මෙම EnAccess Maps මගින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ආරක්ෂිත, පහසු සහ ගෞරවනීය ලෙස අවන්හල් සහ ස්ථාන තෝරා ගැනීමටයි ඉඩ සලසා දී ඇත්තේ.
ප්‍රවේශය සම්බන්ධ විස්තර සහ සමාලෝචන [specify their accessibility preference] bathroom availability, movement space, parking, and step-free access වැනි අවශ්‍යතා පිළිබද තොරතුරු මේ හරහා ලබාගත හැකියි.

ඔස්ට්‍රේලියාවේ පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙක් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙකු වනවා.
නව යෙදුම ඔවුන්ට වඩාත් ප්‍රයෝජනවත් බවයි Sabrina Leung පෙන්වා දෙන්නේ.

ස්ථාන 700කට අධික ප්‍රමාණයක විස්තර ඊට ඇතුළත් කර ඇති අතර මෙල්බන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් මාසිකව නව ස්ථාන එකතු කිරීමට ස්වේච්ඡාවෙන් සහභාගී වෙනවා.