
අන්ධභාවය සහ අඩු පෙනීම ඇති ඕස්ට්‍රේලියානුවන් දිරිගැන්වීම සදහා විශේෂ මුළුතැන්ගෙයක් ඉදි කර තිබෙනවා.
Guide Dogs Victoria හි ස්ථාපිත මෙම මුළුතැන්ගෙය හරහා අන්ධභාවය සහිත පුද්ගලයින්ට ආරක්ෂිතව සහ ස්වාධීනව කෑම පිසීමේ හැකියාව හිමිවනු ඇති.
Vision Australia සහ ප්‍රාදේශීය හෙද සංවිධාන එක්වයි මෙය ආරම්භ කර ඇත්තේ.

Talking weighing machines, specialized heat-protective gloves සහ induction cooker වැනි පහසුකම් මෙම මුළුතැන්ගෙය මගින් ලබාදී තිබෙනවා.
ඕස්ට්‍රේලියානු කීර්තිමත් සූපවේදියෙකු වන Curtis Stone විසින් එයට දිරිගැන්වීමක් ද ලබා දී තිබෙනවා.

Coles හි තානාපතිවරයෙකු ලෙස කටයුතු කරන ඔහු Stone සුපිරි වෙළඳසැල් ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමෙන් කොටසක් මේ සදහා ලබා දීමට කටයුතු කළා.
පසුගිය මාසයේ තම ව්‍යාපාරයෙන් අලෙවි වූ සෑම ආහාර ද්‍රව්‍යයකින්ම ශත පහක මුදලක් Guide Dogs Victoria වෙත ලබා දී තිබෙනවා.