Search

සේවක වැටුප් වැඩිවීම ගැන වෘත්තීය සමිති වල ප්‍රසාදය

මිලියන සංඛ්‍යාත සේවකයින් සඳහා අවම වැටුප් වැඩි කිරීමට Fair Work Commission විසින් ගනු ලැබූ තීරණයට වෘත්තීය සමිති විසින් ප්‍රශංසා කර තිබෙනවා.

කොමිසමේ වාර්ෂික සමාලෝචනයෙන් හෙළි වූයේ minimum wage මෙන්ම national minimum wage ද සියයට 3.5 කින් වැඩි විය යුතු බවයි.

මෙම වැඩිවීම මෙම වසරේ ජූලි 1 වන දින සිට ක්‍රියාත්මක වනවා.

වත්මන් ජාතික අවම වැටුප පැයකට ඩොලර් 24.10 ක් හෙවත් සතියකට ඩොලර් 915.90 ක් වනවා.

එය සියයට 3.5 කින් වැඩිවීම මගින් පැයකට ඩොලර් 24.94 දක්වා හෝ සතියකට ඩොලර් 30 කට වඩා වැඩි වන බව සදහන්.

රජයේ ඇස්තමේන්තු වලට අනුව, මෙම තීරණය ඕස්ට්‍රේලියානුවන් මිලියන තුනක් දක්වා බලපානු ලබනවා.

මෙම පිරිස් අතරින් සුළු පිරිසක් පමණක් ජාතික අවම වැටුපෙහි සිටින බවයි වාර්තා වන්නේ.

Fair Work Commission සභාපති විනිසුරු Adam Hatcher ඇඩම් හැචර් සදහන් කලේ ඕස්ට්‍රේලියානු සේවකයින්ගෙන් තවත් සියයට 20.7 කට අවම වැටුප ගෙවනු ලබන බවයි.

මෙම තීරණයට මඟ පෙන්වූ ප්‍රධාන කරුණ ලෙස පෙන්වා දී තිබෙන්නේ 2021 ජූලි මාසයේ සිට සේවකයින්ගේ වැටුප් අනුපාතවල සැබෑ වටිනාකම අඩුවීමයි.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »