Search

‍‍‍‍‍‍‍‍Queensland  රෝහලකින් ගර්භනී මවුවරුන්ගේ බර පිළිබද නව වැඩසටහනක්

 

ගර්භනී සත්කාර සේවාවලදී ඇතිවන බර පිළිබඳ විෂමතාවය අවම කිරීමේ නව වැඩසටහනක් ‍‍‍‍‍‍‍‍Queensland  ප්‍රාන්තයේ රෝහලක් ආරම්භ කර තිබෙනවා.

Royal Brisbane සහ Women’s රෝහල විසිනුයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ.

එහි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ බර පිළිබඳ විෂමතාවය මව්වරුන්ගේ පමණක් නොව, බිළිඳුන්ගේ සෞඛ්‍යයට ද බලපාන බවයි.

ශරීර බර හේතුවෙන් ගර්භනී මව්වරුන්ට මුහුණදීමට සිදුවන විවිධ වෛද්‍ය විෂමතා හා පීඩන අවම කිරීම, සෞඛ්‍ය සේවා සපයන්නන්ට ශරීර බර විෂමතා පිළිබඳව අධ්‍යාපනය ලබාදීම සහ සියලු ශරීර ප්‍රමාණයන් සඳහා සුරක්ෂිත සහ පරිපූර්ණ සත්කාර පද්ධතියක් තනාගැනීම මෙම වැඩසටහනේ අරමුණු අතර වනවා.

මෙමගින්, ගර්භනී මව්වරුන්ට සාධාරණ හා සමාන සෞඛ්‍ය පද්ධතියක් ලබාදීම සහ ගෞරව සහිත සත්කාර සේවයක් ලබාදීම ද සිදු කරන බවයි රෝහල පවසන්නේ.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »