
Telstra විසින් ඔස්ට්‍රේලියාවේ ඕනෑම තැනකට කෙටි පණිවිඩ යැවීම සඳහා satellite-to-mobile කෙටි පණිවිඩ සේවාවක් ආරම්භකර තිබෙනවා.
ජංගම දුරකථන අවහිරතා ඇති ප්‍රදේශවල ඔස්ට්‍රේලියානුවන්ගේ විශාල ගැටලුවකට විසඳුමක් වූ මෙම නව සේවාව Starlink හරහා ලබාගන්නා බවයි සදහන් වන්නේ.
මේ සේවාව මේ වන විට ලබාදෙන්නේ Samsung Galaxy S25 දුරකථන හිමියන්ට පමණක් වන අතර මෙය පෙරගෙවීම් සේවාවක් ලෙසයි ලබාගත හැකි වන්නේ.

Telstra ආයතනයේ තාක්ෂණ නියෝජිත චන්න සෙනෙවිරත්න පැවසුවේ අනාගතයේදී Apple දුරකථන ඇතුළු වෙනත් උපාංග සඳහාද මෙය ලබාදීමට සැලසුම් කර ඇති බවයි.
4G සහ 5G ජාලවලින් පිටත සිටින පුද්ගලයින් සඳහා මෙම ආවරණය හිමිවන අතර අමතර ගාස්තු අය කිරීමක් සිදු නොකරයි.

2027 වන විට මෙම සේවාව ආරම්භ කරන බව රජය ප්‍රකාශකර සිටියා