Search

රූපලාවන්‍ය එන්නත් සම්බන්ධයෙන් දැඩි පියවර

රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය වෘත්තිකයින්ගේ රූපලාවන්‍ය එන්නත් කර්මාන්තයට දැඩි පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.

රෝගීන්ගේ ආරක්ෂාවට වඩා ලාභයට මුල් තැන දෙන පුද්ගලයින්ගෙන් මහජනතාව ආරක්ෂා කිරීම සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ.

ඒ අනූව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ නියාමකයින් විසින් ශල්‍ය නොවන රූපලාවන්‍ය එන්නත් කිරීමේ ක්‍රියා පටිපාටි සිදු කරන වෛද්‍යවරුන් සහ හෙදියන් සඳහා නව මාර්ගෝපදේශ ද හඳුන්වා දී තිබෙනවා.

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ නියාමන ඒජන්සිය (AHPRA) විසින් නිකුත් කරන ලද නව නීති මගින් සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට රූපලාවන්‍ය එන්නත් ක්‍රියා පටිපාටි සිදු කිරීමට පෙර වැඩිදුර අධ්‍යාපනය සහ පුහුණුව අනිවාර්ය කර තිබෙනවා.

එන්නත් සමඟ වැඩ කිරීමට කැමති හෙදියන් සඳහා ද අවශ්‍ය අවම අත්දැකීම් කාල සීමාවන් හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයිද සදහන්.

ස්නායු විෂ සහිත රෝගීන්ට එන්නත් ලබාදීමට පෙර විධිමත් අමතර අධ්‍යාපනයක් හෝ පුහුණුවක් ලබා ගැනීමද අනිවාර්ය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »