
ටස්මේනියාවේ කසල බඳුනක තිබී මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
කසළ කොන්ත්‍රාත්කරුවෙකු විසින් අද පෙරවරුවේ greater Hobart හිදී සොයාගත් මෙම මළ සිරුර 45 හැවිරිදි පුද්ගලයකුගේ බවයි අනාවරන වී තිබෙන්නේ.
ටස්මේනියා පොලිස් රහස් පරීක්ෂක ඩේවිඩ් ගිල් සදහන් කලේ මරණය සිදුවූ ආකාරය සම්බන්දයෙන් විමර්ශනය කෙරෙන බවයි.

නම ප්‍රසිද්ධියට පත් කර නොමැති 45 හැවිරිදි මෙම පුද්ගලයා මාස කිහිපයක සිට නිවසේ වාසය කර නොමැති බවයි අනාවරන වී තිබෙන්නේ.
මෙම පුද්ගලයා අවසන් වරට ඔහුගේ පවුලේ අය විසින් පසුගිය සෙනසුරාදා දැක තිබු බව පොලීසිය හමුවේ සදහන් කර තිබෙනවා.

මෙම පුද්ගලයාගේ සිරුර සොයා ගන්නා විට කිසිදු තුවාලයක් නොතිබූනද අද දිනයේදී මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.