
2025 වසරේ ICC කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සැප්තැම්බර් 30 වනදා සිට ආරම්භ වනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කලේ එම තරගාවලිය නොවැම්බර් 02 දක්වා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන බවයි.
මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් අටක් සුදුසුකම් ලබා තිබෙනවා.

මෙලෙස සුදුසු කම් ලබාගත් රටවල් අතරට ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ පකිස්තානය ඇතුලත් වනවා.
කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පවත්වනු ලබන්නේ M. Chinnaswamy Stadium (Bengaluru), ACA Stadium (Guwahati), Holkar Stadium (Indore), ACA-VDCA Stadium (Visakhapatnam), සහ කොළඹ ආර් ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවලදීයි.

මෙම තරග මාලාවේ පාකිස්තාන කණ්ඩායම තරග කරන සියලුම තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර ඇති බවට වාර්තා පළ වනවා.