Search

ImmiAccount සදහා ආරක්ෂාව වැඩි වෙයි

පරිශීලකයින්ගේ ආරක්ෂාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් ImmiAccount සඳහා Multi-factor Authentication (MFA) හඳුන්වාදීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව නව සහ පවතින පරිශීලකයින් ImmiAccount එකක් create කිරීමේදී හෝ log වීමේදී MFA සැකසීමට අවශ්‍ය වන බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.

එය මේ මස 18 වන දින සිට ක්‍රියාත්මක වන බවද සඳහන්.

MFA සක්‍රීය කළ පසු, සෑම පිවිසුමකදීම ගිණුම් වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය වන අතර පරිශීලකයින්ට ImmiAccount හි තමන්ගේම authentication method නැවත සැකසීමට හැකි වනු ඇති.

MFA සඳහා ImmiAccount එකක් සෑදීමේදී ඔබේ mobile device එකෙන් හෝ personal computer එක හරහා Google හෝ Microsoft වැනි authenticator app එකක් install කරගැනීමට සිදුවනවා.

පසුගිය මාස 6 තුළ ඔබ ඔබේ ImmiAccount වෙත log වී නොමැති නම් ඔබේ email address එක verify කිරීමට ද අවශ්‍ය වනු ඇති.

ImmiAccount යනු ඕස්ට්‍රේලියාවේ වීසා සහ සංක්‍රමණ සේවා වෙත ප්‍රවේශ වීම සඳහා වන මූලික මාර්ගගත ද්වාරයයි. MFA මගින් ඔබගේ password එක හරහා අමතර ආරක්ෂාවක් සපයන අතර එය ඕස්ට්‍රේලියානු රජයේ සයිබර් ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වනවා.

ImmiAccount සම්බන්ද  වැඩි විස්තර  Multi-factor Authentication (MFA) වෙතින් ලබාගත හැකියි.

2025 ජුනි 18 වන දින සිට, MFA පිහිටුවන ආකාරය පිළිබඳ පියවරෙන් පියවර උපදෙස් ImmiAccount හි සපයා ඇති බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »

ඇන්තනී අල්බනීස්ට ‘Pretty stupid ‘ ලෙස තර්ජනයක්

අගමැති ඇන්තනී අල්බනීස්ට තර්ජන සම්බන්ධයෙන් මෙල්බන් හී පදිංචිකරුවෙකුව අත් අඩංගුවට ගෙන තිබෙනවා. 42 හැවිරිදි ඩේල් බර්න් නම් මෙම පුද්ගලයා සමාජ මාධ්‍ය හරහා Pretty stupid ලෙස

Read More »