ජූනි 01 දා සිට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ යළි ඇරේ

SRI LANKA AIR PORT

ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට පැමිණීම වළක්වමින් පණවා තිබූ නියමයන් ලබන ජූනි පළමුවනදා සිට ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් ගතවූ දින 14 තුළදී ඉන්දියාවේ සිට ඇත්නම් එවැනි මගීන්ට රටට පැමිණිම අත්හිටුවමින් පණවා ඇති නියෝග නැවත දැනුම් දෙන තුරු බලාත්මක බවයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කලේ.

එමෙන්ම එක් ගුවන් යානයකින් එක් වරකදී රටට පැමිණිය හැකි පුද්ගලයන් සංඛ්‍යාව 75 නොඉක්මවිය යුතු වනවා.

පසුගිය මැයි 11 වනදා සිට බලාත්මක වන පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුව රටට පැමිණෙන ඕනෑම අයෙකු දින 14 ක් නියමිත පරිදි නිරෝධායනය විය යුතුයි.

පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටියද එය අදාළ වන්නේ නැහැ.

ශ්‍රී ලාංකික පුරවැසියන් හෝ ද්විත්ව පුරවැසිලාභීන් රටට පැමිණීමේදී පූර්ව අනුමැතියක් අවශ්‍ය වන්නේ නැහැ.

එහෙත් සියලු විදේශිකයන් – මුහුදු ආරක්ෂකයන් – ව්‍යාපාරිකයන් ඇතුලු සෑම අයෙකුම රටට පැමිණිමට පෙර විදේශ කටයුතු අමාත්‍යංශයේ අවසරය ලබාගත යුතු බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කලේ.

ඔවුන් විසින් සෘණාත්මත පී සී ආර් වාර්තාවක් ඉදිරිපත් කිරීම ඇතුලු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කිරීමද අනිවාර්ය වනු ඇති.

දැරිය හැකි මිල නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට $ බිලියන 4.4 ක ප්‍රතිලාභ

දැරිය හැකි මිල ගණන් යටතේ ආරම්භ කිරීමට නියමිත නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට ඩොලර් බිලියන 4.4 ක ප්‍රතිලාභ හිමිවන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ක්වන්ටාස් ගුවන් නියමුවන් 200 ක් හෙට වැඩ වර්ජනයක

ඉදිරි පැය 24 තුළ වැටුප් වැඩි කිරීම් ඇතුලූ තම ඉල්ලීම් වලට විසදුම් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වන බව ක්වන්ටාස් ගුවන් නියමුවන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »