
Superannuation ප්‍රතිලාභය වැඩි කිරීමේ රජයේ යෝජනාවෙන් පසු මිලියන සංඛ්‍යාත ඕස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම ඉතුරුම් සඳහා ඉහළයාමක් සිදුවී ඇතැයි වාර්තා වනවා.
ඒ අනූව ඔවුන්ගේ සුපර් ගිනුමෙන් ගෙවිය යුතු අනුපාතය ජූලි පළමු වනදා සිට සියයට 11.5 සිට 12 දක්වා ඉහළ යනු ඇති.
2021 වසරේ සිට පියවරෙන් පියවර ක්‍රියාත්මක කරන ලද වැඩිකිරීම් මාලාවක පස්වන සහ අවසාන අවස්ථාව මෙය වනවා.

මෙම ප්‍රතිලාභ හිමිවන මිලියන 12 ක ඕස්ට්‍රේලියානුවන්ගෙන් බොහෝ දෙනෙකු තවමත් ඒ පිලිබද දැනුවත්ව නොමැති බවයි Super Members කවුසිලය සදහන් කලේ.
මෙම වැඩිවීම ඕස්ට්‍රේලියානුවන්ගේ මූල්‍ය ආනගතය සඳහා බලගතු ඉදිරි පියවරක් බවයි ඔස්ට්‍රේලියාවේ Super Members කවුන්සිලයේ අධ්‍යක්ෂක මිෂා ෂුබට් පැවසුවේ.

මෙම ප්‍රතිලාභ තමන්ට උපකාරී වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ජනතාව හොඳින් තේරුම් ගත් විට එය සැබැ වෙනසකට හේතු වනු ඇතැයි අධ්‍යක්ෂකවරයා කියාසිටියා.