Search

ඔස්ට්‍රේලියා නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය සදහන් කලේ මෙම සංචාරයේදී නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මුණ ගැසීමට නියමිත බවයි.

අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා ඔස්ට්‍රේලියන් හවුස් හිදී පවත්වනු ලබන විශේෂ දිවා භෝජන සංග්‍රහයට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරිය වන හරිනි අමරසූරිය ද එක්වීමට නියමිතව තිබෙනවා.

රිචඩ් මාලස් විසින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සමග ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත බවද සදහන්.

ද්විපාර්ශ්වික සහයෝගීතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර ආරක්ෂක අංශයේ සහයෝගීතාව වැඩි දියුණු කිරීම ද මෙම සංචාරයේ අරමුණ වී තිබෙනවා.

මෙම සංචාරයට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමග තවත් නිලදාරීන් කිහිප දෙනෙකුද එක්වීමට නියමිත බව අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »