
temporary visas මත සේවයේ නිරතව සිටින සේවකයින් ගැබ් ගැනීම් සඟවා ගැනීමට උත්සාහ කිරීම හෝ ගබ්සා කිරීම් සඳහා ඩොලර් දහස් ගණනක් වියදම් කිරීම පිළිබඳ වාර්තා අනාවරණය කර තිබෙනවා.
Pacific Island countries and Timor Leste employed in Australia under the Pacific Australia Labour Mobility Scheme (පැසිෆික් ඕස්ට්‍රේලියානු කම්කරු සංචලතා යෝජනා ක්‍රමය) යටතේ ඕස්ට්‍රේලියාවේ සේවය කරන සේවකයින්ගේ අත්දැකීම් සම්බන්දයෙනුයි මෙම අනාවරනය සිදුව ඇත්තේ.
Australian National University හි ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ පර්යේශක ලින්ඩි කනන් සදහන් කලේ දරු කලල ගබ්සා කිරීමට මොවුන් යම් යම් ද්‍රව්‍ය පානය කරන බව සහ විවිද භෞතික ක්‍රම භාවිතා කරන බව තමා සමග ද ප්‍රකාශ කල බවයි.

PALM යෝජනා ක්‍රමය මුලින් ස්ථාපිත කරන ලද්දේ ග්‍රාමීය සහ කලාපීය වශයෙන් ඕස්ට්‍රේලියාවේ කෘෂිකර්මාන්තය සහ මස් සැකසුම් ක්ෂේත්‍රයන්හි සේවක හිඟය පිරවීම සඳහායි.
මෑතකදී මෙම යෝජනා ක්‍රමය වැඩිහිටි සත්කාර, ආගන්තුක සත්කාර, සිල්ලර වෙළඳාම සහ සංචාරක යන අංශ ඇතුළත් වන පරිදි පුළුල් කර ඇති අතර ළමාරක්ෂක අංශය සඳහා නියමු ව්‍යාපෘතියක් ද මේ යටතේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ඔවුන් මෙලෙස ගබ්සා කරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට සහ වැඩ කිරීමට අවශ්‍ය නිසා හෝ එය විවාහයෙන් පිටත ගැබ් ගැනීමක් හේතුවෙන් බව වෛද්‍යවරුන්ද අනාවරන කර තිබෙනවා.