
ඕස්ට්‍රේලියානු රැකියා දැන්වීම් පළ කිරීමද මැයි මාසයේදී පහත වැටී ඇති බව ANZ-Indeed වෙබ් අඩවි දත්ත මගින් පෙන්වා දී තිබෙනවා.
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්ත බැංකු සමූහයේ (ANZ.AX) දත්ත වලද සදහන් වන්නේ මැයි මාසයේදී රැකියා දැන්වීම් සංඛ්‍යාව අප්‍රේල් මාසයට සාපේක්ශව 1.2% කින් පහත වැටී ඇති බවයි.
එම අගය පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ශව 5.7% කින් පහත වැටීමක් බවද සමීක්ශකයින් සදහන් කරනවා.

මෙම වසර අවසන් වන විට විරැකියා අනුපාතය 4.3% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි ANZ ආර්ථික විද්‍යාඥ ආරොන් ලූක් ද පවසන්නේ.
වසරකට වැඩි කාලයක් රැකියා විරහිත අනුපාතය 4.1% ක මට්ටමක පැවතුන බවද ඔහු සදහන් කරනවා.

මේ හේතුවෙන් රැකියා වර්ධනයක් සිදු කරමින් අඩු විරැකියාවක් සමඟ ශ්‍රම වෙළඳපොළ තවත් ශක්තිමත් විය යුතු බවයි ආර්ථික විද්‍යාඥයින්ගේ මතය වී ඇත්තේ