
වික්ටෝරියා ප්‍රාන්තය රියදුරන් මාස කිහිපයක් ඇතුළත ඩොලර් මිලියන 3.3 ක දඩ මුදල් ප්‍රමාණයක් රජයට ගෙවා ඇති බව නව දත්ත වලින් හෙළි වී තිබෙනවා.
රියදුරන් 8,500කට වැඩි පිරිසක් ආසන පටි පැළද නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට ඩොලර් 395 ක දඩයක් හා ලකුණු තුනක් අහිමි කර ඇති බවයි එහි සදහන් වන්නේ.
වසරේ මේ දක්වා කාලය තෙක් වික්ටෝරියා ප්‍රාන්තය පුරා මාර්ග අනතුරු වලින් පුද්ගලයින් 118 දෙනෙකු මියගොස් ඇති බව RACV ප්‍රතිපත්ති ප්‍රධානී ජේම්ස් විලියම්ස් කියා සිටියා.

එමෙන්ම වික්ටෝරියානු රියදුරන් බොහෝ දෙනෙකු රිය පැදවීමේදී ජංගම දුරකථනය අවම හය වරක් භාවිතා කරන බව වාහන රක්ෂණ ආයතනයක Safe n Save යෙදුම ඔස්සේ වාර්තා වී තිබෙනවා.
එම ආයතන පවසන්නේ ඔවුන්ගේ පාරිභෝගිකයන්ගෙන් 50%ක් වැනි ප්‍රතිශතයක් පමණක් ආරක්ෂිත රියදුරන් ලෙස හැඳින්විය හැකි බවයි.
